• Increase font size
  • Default font size
  • Decrease font size

2015-07-08 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
නැ‍ඟෙනහිර බහලු පර්යන්තයෙහි සංවර්ධනය හා මෙහෙයුම් විකල්ප

- කොළඹ වරාය පුළුල් කිරීමේ ව්‍යාපෘතිය මඟින් කොළඹ වරායේ බහලු මෙහෙයුම් පරිමාව වැඩි කිරීමටත්, එමඟින් කලාපයේ තරගකාරී වරායන් සමඟ තරග කරමින් වාසිදායක තත්ත්වයක් ලබාගැනීමටත් ශ්‍රී ලංකා වරාය අධිකාරිය සැලසුම් කර ඇත. මීටර් 450ක් දිග ජැටි බැම්මේ සිවිල් ඉදි කිරීම් හා අවශ්‍ය අංගණ පහසුකම් ඉදි කිරීමේ කටයුතු මේ වන විට නිම වීමට ආසන්න මට්ටමක පවතියි. නිසි ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීමෙන් පසු මෙහි මෙහෙයුම් කටයුතු ශ්‍රී ලංකා වරාය අධිකාරියට 51% ක හිමිකමක් සහිතව නැව් සමාගමක් සමඟ හෝ පෞද්ගලික පර්යන්ත මෙහෙයුම්කරුවෙකු සමඟ හවුල් ව්‍යාපාරයක් වශයෙන් මෙහෙයුම් කටයුතු සිදු කිරීම පිණිස උනන්දුවක් දක්වන පාර්ශ්වයන්ගෙන් අභිප්‍රාය කැඳවීම (Expression of Interests) හා ව්‍යාපාර යෝජනා (RFP) කැඳවීමටත්, සාර්ථක යෝජනාවන් සලකා බලා නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරනු ලබන සාකච්ඡා සම්මුති කමිටුවක් පත් කිරීමටත් වරාය හා නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් ප්‍රතිපත්තිමය වශයෙන් අනුමත කරන ලදී.