• Increase font size
  • Default font size
  • Decrease font size

2015-07-08 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මන්නාරම් ද්‍රොණියේ දැනට සොයාගෙන තිබෙන ස්වාභාවික වායු සංචිත සංවර්ධනය කිරීම සහ නිෂ්පාදනය කිරීම

- මන්නාරම් ද්‍රොණියේ SL 2007‑01‑001 දරන ගවේෂණ බිම් කොටසේ දැනට සොයාගෙන ඇති ස්වාභාවික වායු නිධි කැණිම මඟින් වාණිජ මට්ටමෙන් සංවර්ධනය කිරීම සඳහා සහ නිෂ්පාදනය කිරීම සඳහා ජාත්‍යන්තර ලංසු කැඳවීම මඟින් සුදුසු ආයෝජකයකු තෝරා ගැනීමටත්, ඒ සඳහා සහාය වීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරනු ලබන සාකච්ඡා සම්මුති කමිටුවක් පත් කිරීමටත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.