• Increase font size
  • Default font size
  • Decrease font size

2015-07-08 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාතික මිනුම් පර්යේෂණාගාරයේ ඉදි කිරීමේ කටයුතු අවසන් කිරීම සහ එහි අතිනිරවද්‍ය වායු සමීකරණ පද්ධතියක් ස්ථාපිත කිරීම

- ශ්‍රී ලංකාවේ ජාතික මිනුම් පර්යේෂණ පද්ධතිය නිවැරදිව පවත්වා ගෙන යාම සඳහා සහ එය අන්තර්ජාතික පිළිගැනීමට ලක් වන පරිදි පර්යේෂණාගාරයක් ජාත්‍යන්තර නිර්ණායකයන්ට අනුකූලව සැලසුම් කර ඉදි කිරීමේ කටයුතු 2009 වර්ෂයේදී ආරම්භ කර එය හෝමාගම පිටිපන ප්‍රදේශයේ ඉදි කර ගෙන යනු ලබන අතර, එහි ඉදි කිරීම් කටයුතු ළඟදීම අවසන් වීමට නියමිතය. සිදු වී ඇති මිල ගණන් ඉහළ යාම සැලකිල්ලට ගෙන එම ව්‍යාපෘතියේ මුළු පිරිවැය රුපියල් මිලියන 1,950 සිට රුපියල් මිලියන 2,433 දක්වා සංශෝධනය කිරීම පිණිස සහ පර්යේෂණාගාරය තුළ අතිනිරවද්‍ය වායු සමීකරණ පද්ධතියක් ස්ථාපිත කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම පිණිස ආහාර සුරක්ෂිතතාව අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.