• Increase font size
  • Default font size
  • Decrease font size

2015-07-08 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා ධීවර හා ජලජ සම්පත් සංගමය සංස්ථාගත කිරීම

- මෙරට ධීවර හා ජලජ සම්පත් ක්ෂේත්‍රයේ සංවර්ධනයට අදාළව පර්යේෂකයින් විසින් සොයා ගන්නා ලද ඉතා වැදගත් පර්යේෂණ හා සංවර්ධන තොරතුරු එක් මධ්‍යස්ථානයකට රැගෙන ඒවා රටේ සංවර්ධනයට යොදාගැනීම සඳහා මැදිහත්කරුවෙකුගේ කාර්යභාරය ඉටු කරන ආයතනයක අවශ්‍යතාව දිගු කලක සිට පැවති අතර, ඊට විසඳුමක් ලෙස විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතනවල විද්‍යාර්ථින්ගෙන් සහ ධීවර ක්ෂේත්‍රය හා සම්බන්ධ රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතනවල පර්යේෂකයන්ගෙන් සැදුම්ලත් පිරිසක් විසින් ශ්‍රී ලංකා ධීවර හා ජලජ සම්පත් සංගමය ස්ථාපිත කිරීමට කටයුතු කර ඇත. රටේ ධීවර අංශයේ වර්ධනය සඳහා වඩාත් කාර්යක්ෂම පදනමක් සලසා දීම පිණිස එම සංගමය සංස්ථාගත කිරීම පිණිස ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.