• Increase font size
  • Default font size
  • Decrease font size

2015-07-08 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
නාගරික දුම්රිය පද්ධතිය විදුලියකරණය

- නාගරික දුම්රිය පද්ධති ආරම්භ කරමින් වත්මන් ගෝලීය ප්‍රමිතීන්ට ගැළපෙන පරිදි කාර්යක්ෂම දුම්රිය සේවයක් ස්ථාපනය කිරීමේ මැදිකාලීන අරමුණ සහිතව කොළඹ නාගරික දුම්රිය සේවය විදුලියකරණය කිරීමට ප්‍රතිපත්තිමය ප්‍රමුඛතාව ලබා දීමටත්, ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය, ලංකා විදුලිබල මණ්ඩලය හා ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව ඒකාබද්ධව සිදු කරන ලද මූලික ශක්‍යතා අධ්‍යයනය පාදක කරගනිමින් පානදුර හා වේයන්ගොඩ අතර දුම්රිය පද්ධතිය විදුලියකරණය කිරීමට අදාළව සවිස්තරාත්මක ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීමටත්, එම අධ්‍යයන වාර්තා පදනම් කරගනිමින් නිර්දේශිත ප්‍රතිපත්ති රාමුව තුළ රැ‍ඳෙමින් දුම්රිය විදුලියකරණ උපායමාර්ග හා ව්‍යාපෘති තීරණය කිරීමටත්, පාරදෘශ්‍ය තරගකාරී ක්‍රමවේදයක් තුළින් දූෂණය හා නාස්තිය වැළැක්වෙන පරිදි උපරිම ප්‍රාග්ධන ඵලදායීතාවක් සහිතව එම යෝජනා ක්‍රියාත්මක කිරීමටත් අභ්‍යන්තර ප්‍රවාහන අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මැතිතුමා සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.