• Increase font size
  • Default font size
  • Decrease font size

2015-07-08 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයීය ඉඩම නිදහස් දීමනාවක් වශයෙන් එම ආයතනයට පැවරීම

- දැනුවත් සමාජයක් බිහිකිරීම උදෙසා ශ්‍රී ලංකා ජාතික පුස්තකාලය ස්ථාපිත කොට ජාතියේ බුද්ධිමය උරුමයන් සුරැකීම, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය භාවිතයට දිරි දීම, ග්‍රන්ථ විඥාපන පහසුකම් සැපයීම සහ ග්‍රන්ථ ප්‍රකාශන සඳහා ආධාර කිරීම ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ ප්‍රධාන අරමුණු වේ. දැනට එම මණ්ඩලය කොළඹ 07, නිදහස් මාවතේ අංක 14 දරන ස්ථානයේ පවත්වා ගෙන යනු ලබන අතර ව්‍යාපාරික අරමුණකින් තොරව එම ආයතනය විසින් සිදු කරනු ලබන කාර්යයන් වඩා සාර්ථක ලෙස ඉටු කරගැනීම සඳහා හෙක්ටයාර 01 ක පමණ ප්‍රමාණයකින් යුතු ඉහත ලිපිනයෙහි පිහිටි ඉඩම මෙතෙක් ලබා දී තිබුණු බදු පදනම වෙනුවට මුදල් අය කිරීමකින් තොරව ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය වෙත පවරා දීම පිණිස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.