• Increase font size
  • Default font size
  • Decrease font size

2015-07-08 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මහරගම ජාතික පිළිකායතනයේ නවීන පහසුකම් වලින් යුතු පිළිකා රෝහල ඉදි කිරීම

- මහරගම ජාතික පිළිකායතනය ශ්‍රී ලංකාවේ පිළිකා ප්‍රතිකාරක සේවා සපයන ප්‍රධානතම මධ්‍යස්ථානය වේ. එහි ප්‍රතිකාර ලබාගැනීම සඳහා ඉහළ යමින් පවතින ඉල්ලුම සපුරා ලීම පිණිස මහරගම ජාතික පිළිකායතනය නවීන පහසුකම්වලින් යුත් පිළිකා රෝහලක් බවට පත් කිරීම සඳහා වන ව්‍යාපෘතියක් ලන්ඩනයේ අහමඩ් තේ සමාගමෙන් මුලින් ලැබුණු රුපියල් මිලියන 850ක හා ඉන් පසුව ලබාදුන් තවත් රුපියල් මිලියන 380ක දායකත්වය මත දැනටමත් ක්‍රියාත්මක වෙමින් පවතින අතර, ඊට අමතරව ශල්‍යාගාරයක් සහිතව ඇට මිදුළු පරීක්ෂා කිරීමේ ඒකකයක් ඉදි කිරීම, රසායනික චිකිත්සා ඒකකයේ අමතර පහසුකම් ඇති කිරීම, ඇට මිදුළු බද්ධ කිරීමේ පහසුකම් ඇතුළු අත්‍යවශ්‍ය අංගෝපාංග ලබා දීම ආදී කටයුතුද සිදු කිරීමට යෝජනා වී ඇත. ඒ අනුව, අවශ්‍ය වන ඉතිරි මුදල වන රුපියල් මිලියන 233ක මුදල ශ්‍රී ලංකා රජය විසින් දැරීම පිණිස සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.