• Increase font size
  • Default font size
  • Decrease font size

2015-07-08 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
නෙදර්ලන්ත ආධාර යටතේ කළුතර මහ රෝහලට විශේෂිත මාතෘ හා ළමා සෞඛ්‍යාරක්ෂණ පහසුකම් ලබා දීම

- කළුතර රෝහල විශේෂිත වූ මාතෘ හා ළමා සෞඛ්‍යාරක්ෂණ රෝහලක් ලෙස වැඩිදියුණු කිරීම මඟින් එම රෝහලෙන් සේවය ලබාගන්නා වූ අඩු සෞඛ්‍ය පහසුකම් සහිත මතුගම, අගලවත්ත, දොඩංගොඩ, ඉංගිරිය, බුලත්සිංහල, හොරණ, බේරුවල හා බලපිටිය ප්‍රදේශයන්හි ජනතාව වෙත ඉහළ සෞඛ්‍ය සේවා පහසුකම් සැලසීමට හැකි වන බව සැලකිල්ලට ගෙන, යුරෝ 28,782,948.30ක නෙදර්ලන්ත ආධාර යටතේ කළුතර මහ රෝහලෙහි මාතෘ හා ළමා සෞඛ්‍යාරක්ෂණ මධ්‍යස්ථානයක් ඉදි කිරීම පිණිස සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.