• Increase font size
  • Default font size
  • Decrease font size

2015-07-08 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මහ කොළඹ ජල සහ අපජල කළමනාකරණය වැඩිදියුණු කිරීමේ ආයෝජන වැඩසටහන

- මහ කොළඹ ජල සහ අපජල කළමනාකරණය වැඩිදියුණු කිරීමේ ආයෝජන වැඩසටහනෙහි පළමුවන සහ දෙවන කොටස් ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් දැනටමත් අනුමැතිය ලබා දී ඇත. එම ව්‍යාපෘතියේ ඊළඟ අදියර ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ඇමෙරිකානු ඩොලර් මිලියන ‍35 ක අතිරේක අරමුදල් ආසියානු සංවර්ධන බැංකුව වෙතින් ලබාගැනීම පිණිස නාගරික සංවර්ධන, ජලසම්පාදන හා ජලාපවහන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.