• Increase font size
  • Default font size
  • Decrease font size

2015-07-08 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ප්‍රමුඛතා පදනම මත ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් නළ ජල සේවා ආවරණය පුළුල් කිරීම සඳහා ජලසම්පාදන ව්‍යාපෘති 22 ක් ක්‍රියාත්මක කිරීම

- නළ ජල සැපයුම පුළුල් කිරීම සඳහා ප්‍රමුඛතා පදනම මත දේශීය බැංකු මඟින් ලබාගත් අරමුදල් යටතේ ජලසම්පාදන ව්‍යාපෘති 22 ක් ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් දැනටමත් අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, එම ජලසම්පාදන ව්‍යාපෘති 22 ක්‍රියාත්මක කිරීම සඳහා ලංකා බැංකුව සහ ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය අතර වන රුපියල් මිලියන 3,499 ක ණය පහසුකමක් ලබාගැනීම වෙනුවෙන් භාණ්ඩාගාර ඇපකරයක් නිකුත් කිරීම පිණිස නාගරික සංවර්ධන, ජලසම්පාදන හා ජලාපවහන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.