• Increase font size
  • Default font size
  • Decrease font size

2015-07-08 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කළුතර නාගරික මධ්‍යස්ථානය වැඩිදියුණු කිරීමේ සහ කැලිඩෝ වෙරළ සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය

- කළුතර නගරයේ සහ කැලිඩෝ වෙරළ තීරයේ නාගරික පහසුකම්, සංචාරක හා විනෝදාත්මක පහසුකම් සහ වන්දනාකරුවන්ගේ පහසුකම් සංවර්ධනය කිරීම පිණිස හෙක්ටයාර 20 ක පමණ ප්‍රමාණයකින් යුතු ඉඩම් කොටස් නාගරික සංවර්ධන අධිකාරිය වෙත සහ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය වෙත පැවරීම පිණිස නාගරික සංවර්ධන, ජලසම්පාදන හා ජලාපවහන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා සහ සංචාරක හා ක්‍රීඩා අමාත්‍ය නවින් දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව ආමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.