• Increase font size
  • Default font size
  • Decrease font size

2015-07-08 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
විශ්‍රාම යන රාජ්‍ය සේවකයන්ට පාරිතෝෂික ලබා දීම සඳහා රාජ්‍ය බැංකු මඟින් සපයනු ලැබූ චක්‍රීය ණය සීමාව ඉහළ නැංවීම

- රාජ්‍ය සේවයෙන් වාර්ෂිකව විශ්‍රාම ගන්නා සේවක සංඛ්‍යාව 25,000ක් පමණ වන අතර, ඔවුන්ගේ පාරිතෝෂික දීමනාව ඉතා ඉක්මනින් ලබා දීම සඳහා විශ්‍රාමික පාරිතෝෂික දීමනා රාජ්‍ය බැංකු මඟින් ගෙවීම හඳුන්වා‍ දෙනු ලැබූ අතර, එකී කාර්යය මේ වන විට කාර්යක්ෂමව හා ඉතා ඵලදායීව සිදු වෙමින් පවතියි. එම කාර්යය ඉදිරියටත් බාධාවකින් තොරව පවත්වා ගෙන යාම අරමුණු කර ගෙන ලංකා බැංකුව, මහජන බැංකුව සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුව විසින් විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් වෙත ලබා දෙනු ලබන චක්‍රීය ණය පහසුකම් සම්බන්ධයෙන් පවතින සීමාවන්, සේවා සැපයීමේ අවශ්‍යතාව මත අවශ්‍ය අවස්ථාවලදී ඉහළ නැංවීම පිණිස මහා භාණ්ඩාගාරය වෙත බලය ලබා දීමට මුදල් අමාත්‍ය රවී කරුණානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.