• Increase font size
  • Default font size
  • Decrease font size

2015-07-08 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජලභීතිකා රෝග ආඥාපනත සහ සුනඛයින් ලියාපදිංචි කිරීමේ ආඥාපනත ඒකාබද්ධ කොට නව පනතක් සැකසීම

- පළාත් පාලන ක්ෂේත්‍රයට අදාළ අණපනත් වර්තමානයට ගැ‍ළපෙන පරිදි සංශෝධනය කිරීමේ වැඩසටහනට අනුව, ජලභීතිකා රෝග ආඥාපනත සහ සුනඛයින් ලියාපදිංචි කිරීමේ ආඥාපනත සංශෝධනය කිරීමට ඉදිරිපත් වූ යෝජනා සැලකිල්ලට ගෙන එම ආඥාපනත් ඒකාබද්ධ කිරීමේ හැකියාව සොයා බැලීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් නිලධාරි කමිටුවක් පත් කරන ලදී. එම කමිටුවේ නිර්දේශය පරිදි, එම ආඥාපනත් දෙක එක් පනතක් වශයෙන් පැවතීම ඒවා යටතේ පැවරී ඇති කටයුතු වඩාත් සාර්ථක ලෙස ක්‍රියාත්මක කිරිමට හැකියාව ලැබෙන පරිදි 1893 අංක 07 දරන ජලභීතිකා රෝග ආඥාපනත සහ 1901 අංක 25 දරන සුනඛයින් ලියාපදිංචි කිරීමේ ආඥාපනත ඒකාබද්ධ කොට නව පනත් කෙටුම්පතක් සැකසීම සඳහා නීති කෙටුම්පත් සම්පාදකවරයාට උපදෙස් දීම පිණිස රාජ්‍ය පරිපාලන, පළාත් පාලන හා ප්‍රජාතාන්ත්‍රීය පාලනය පිළිබඳ අමාත්‍ය කරු ජයසූරිය මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.