• Increase font size
  • Default font size
  • Decrease font size

2015-07-08 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
යාපනය සහ පේදුරුතුඩුව පොලිස් ස්ථාන ඉදි කිරීම සඳහා ඇස්තමේන්තුගත මුළු පිරිවැය සංශෝධනය කිරීම

- යුද ගැටුම් නිමාවීමෙන් පසුව ස්ථාපිත වූ සිවිල් පාලනය වඩාත් ශක්තිමත් කිරීමේ එක් පියවරක් වනුයේ උතුරු ප්‍රදේශයේ පොලිස් ස්ථාන සහ රජයේ කාර්යාල පුළුල් කිරීමයි. ඒ අනුව, යාපනය සහ පේදුරුතුඩුව යන පොලිස් ස්ථාන ඉදි කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් දැනටමත් අනුමැතිය ලබා දී ඇති අතර, එම පොලිස් ස්ථාන ඉදි කිරීම සඳහා වූ ඇස්තමේන්තුගත මුළු පිරිවැය ඉහළ නැංවීම අවශ්‍ය වී තිබේ. ඒ අනුව, යාපනය පොලිස් ස්ථානය ඉදි කිරීම සඳහා අදාළ මුළු පිරිවැය ඇස්තමේන්තුව රුපියල් මිලියන 294.8 සිට රුපියල් මිලියන 484.1 දක්වාද පේදුරුතුඩුව පොලිස් ස්ථානය ඉදි කිරීම සඳහා වූ මුළු පිරිවැය ඇස්තමේන්තුව රුපියල් මිලියන 119 සිට රුපියල් මිලියන 176 දක්වාද සංශෝධනය කර එකී ව්‍යාපෘතිවල ඉතිරි වැඩ කඩිනමින් අවසන් කිරීම පිණිස මහජන සාමය හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.