• Increase font size
  • Default font size
  • Decrease font size

2015-06-24 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ග්ලයිෆොසෙට් වල්නාශකය ආනයනය හා භාවිතය තහනම් කිරීම පිණිස නිකුත් කරන ලද ගැසට් නිවේදනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම

- 2015‑05‑27 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගන්නා ලද තීරණය පරිදි ග්ලයිෆොසෙට් වල්නාශකය ආනයනය තහනම් කිරීම සඳහා ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව විසින් අංක 1918/22 හා 2015 ජුනි 11 දිනැති අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත. එම ගැසට් නිවේදනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිණිස මුදල් අමාත්‍ය රවී කරුණානායක මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් සම්මත කරන ලදී.