• Increase font size
  • Default font size
  • Decrease font size

2015-06-24 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
විසල් මාතලේ ජලසම්පාදන ව්‍යාපෘතිය හා මහනුවර උතුර පාතදුම්බර ජලසම්පාදන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම

- මාතලේ හා මහනුවර නගර හා ඒ ආශ්‍රිත ප්‍රදේශ සඳහා පානීය ජල සැපයුම වැඩිදියුණු කිරීමටත්, පොම්පාගාර අලුතින් ඉදි කිරීමටත්, අනෙක් යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමත් අරමුණු කර ගත් ඉහත ව්‍යාපෘති දෙක ක්‍රියාත්මක කිරීමේ කටයුතු ඉදිරියට කර ගෙන යාම සහ අදාළ බැංකු සමඟ සාකච්ඡා කොට අවශ්‍ය අරමුදල් සලසා ගැනීම පිණිස අවශ්‍ය කටයුතු කිරීම සඳහාත් නාගරික සංවර්ධන, ජලසම්පාදන හා ජලාපවහන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.