• Increase font size
  • Default font size
  • Decrease font size

2015-06-24 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කැලණි දකුණු ඉවුර II වන අදියර (KRB II) සඳහා වන සැලසුම් කොට ඉදි කිරීමේ කොන්ත්‍රාත්තුව

- දිනකට ඝන මීටර් 180,000 ක ධාරිතාවකින් යුත් ඉහත යෝජිත ජලසම්පාදනාගාරය මඟින් කැලණිය, කඩවත, වත්තල, පෑලියගොඩ, මහර, රාගම, බියගම, වැලිසර, කඳාන, ජා-ඇල සහ ඒකල ප්‍රදේශයන්හි දැනට ආවරණය වී නොමැති ප්‍රදේශයන්ට නල ජලය සැපයීමත්, දැනට පවතින ජලසම්පාදන පහසුකම් වැඩිදියුණු කිරීමත් අපේක්ෂිතය. අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම පිණිස නාගරික සංවර්ධන, ජලසම්පාදන හා ජලාපවහන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.