• Increase font size
  • Default font size
  • Decrease font size

2015-06-24 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2014-10-29 දින කොස්ලන්ද මීරියබැද්ද ප්‍රදේශයේ නායයෑම් ව්‍යසනයෙන් අවතැන් වූ පවුල් නැවත පදිංචි කිරීම සඳහා නිවාස ඉදි කිරීම

- ඉහත ව්‍යසනයෙන් කොස්ලන්ද මීරියබැද්ද ග්‍රාමයේ පුද්ගලයන් 34 දෙනෙක් මරණයට පත් වූ අතර පවුල් 57ක පුද්ගලයින් 330 ක් පමණ විපතට පත් වූහ. අවතැන් වූවන්ට නිවාස ඉදි කිරීමේ කටයුතු කඩිනම් කරන ලෙස ජනාධිපතිතුමා දුන් උපදෙස් අනුව 2015 ඔක්තෝබර් 15 දිනට නිවාස ඉදි කිරීම් කටයුතු අවසන් කිරීමට කටයුතු යොදා ඇති බව ආපදා කළමනාකරණ අමාත්‍ය ඒ.එච්.එම්.ෆවුසි මැතිතුමා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත දැනුම් දෙන ලදී.