• Increase font size
  • Default font size
  • Decrease font size

2015-06-24 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ සත් මහල් ගොඩනැඟිල්ල ප්‍රතිෂ්ඨාපනය කිරීම

- මීගමුව දිස්ත්‍රික් මහ රෝහල බස්නාහිර පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශ‍ය යටතේ පරිපාලනය වේ. වාර්ෂිකව එය බස්නාහිර සහ වයඹ පළාත්හි බාහිර රෝගීන් 360,000කට පමණ හා නේවාසික රෝගීන් 100,000කට පමණ සේවා සලසයි. මෙම රෝහලේ සත් මහල් ගොඩනැඟිල්ලේ ඇති වී තිබෙන ජල කාන්දුව හා අවශේෂ අලුත්වැඩියා කටයුතු මොරටු විශ්වවිද්‍යාලය සහ පරමානුක බලශක්ති අධිකාරිය විසින් නිර්දේශ කර ඇති පරිදි සිදු කිරීමටත්, අලුත්වැඩියා කිරීමේ කටයුතු අවසන් වන තුරු මීගමුවේ ඇති වෙනත් සුදුසු ගොඩනැඟිලි හා රෝහල් භූමියෙහි ඇති තාවකාලික ගොඩනැඟිලිවල රෝහල් සේවා පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමටත්, අදාළ ප්‍රතිසංස්කරණ කටයුතු රුපියල් මිලියන 500ක මුදලකට රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව වෙත පැවරීමටත් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.