• Increase font size
  • Default font size
  • Decrease font size

2015-06-24 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
උපායමාර්ගික නගර සංවර්ධන වැඩසටහන යටතේ ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘති වෙනුවෙන් අත්පත් කරගනු ලබන ඉඩම් සඳහා වන්දි ගෙවීම

- උපායමාර්ගික නගර සංවර්ධන වැඩසටහන යටතේ මහනුවර, ගාල්ල, ත්‍රිකුණාමලය සහ අනුරාධපුරය යන ප්‍රධාන නගර සංවර්ධනය කිරීම සඳහා හඳුනාගෙන ඇත. ඒ යටතේ ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘති සඳහා ඉඩම් අත්පත් කරගැනීමේදී බලපෑමට ලක්වන පුද්ගලයින් සඳහා වන්දි ගෙවීමේදී ඔවුන්ට වඩාත් වාසිදායක වන්දි ගෙවීමේ ක්‍රම වන ඉඩම් අත්පත් කර ගැනීමේ සහ ප්‍රතිස්ථාපනය කිරීමේ කමිටු (LARC) සහ ප්‍රතිස්ථාපන විශේෂ කමිටු (SUPER LARC) ක්‍රම අදාළ කරගැනීම පිණිස නාගරික සංවර්ධන, ජලසම්පාදන හා ජලාපවහන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. මෙමගින් ඉඩම් අත්පත් කර ගැනීමට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම අධෛර්යමත් කෙරෙනු ඇත.