• Increase font size
  • Default font size
  • Decrease font size

2015-06-24 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මොරගහහේන නගර සංවර්ධන කටයුතු සඳහා රජයට අයත් ඉඩම පවරා ගැනීම

- අනාගත නාගරික සංවර්ධන ක්‍රියාකාරකම් සඳහා ගැළපෙන පරිදි දිවයිනේ කුඩා හා මධ්‍යම පරිමාණයේ නගර සංවර්ධනය කිරීමේ වැඩසටහනක් නාගරික සංවර්ධන අධිකාරිය විසින් ආරම්භ කර ඇති අතර, ඒ යටතේ හොරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි මොරගහහේන ප්‍රදේශය ශක්තිමත් වාණිජ උපනගරයක් ලෙස සංවර්ධනය කිරීමට අපේක්ෂා කෙරේ. ඒ අනුව, බස් නැවතුම්පොළ, වෙළඳපොළ, වෙළඳ සංකීර්ණය, සතිපොළ සහ පොදු ක්‍රීඩාපිටිය කඩිනමින් සංවර්ධනය කිරීම සඳහා අනෙකුත් රාජ්‍ය ආයතන ද සම්බන්ධ කර ගෙන මනා සැලැස්මක් ඇතිව කටයුතු කිරීමටත්, එම කටයුතු සඳහා අවශ්‍ය කෙරෙන හෙක්ටයාර 1.354 ක ප්‍රමාණයකින් යුතු රජයට අයත් ඉඩම් කොටසක් නිදහස් දීමනාවක් ලෙස නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරා ගැනීම සඳහාත් නාගරික සංවර්ධන, ජලසම්පාදන හා ජලාපවහන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.