• Increase font size
  • Default font size
  • Decrease font size

2015-06-24 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ව්‍යාපාරික කටයුතු පහසු කිරීමේ සංසදය (Ease of Doing Business Forum) - 2015

- ශ්‍රී ලාංකික ව්‍යාපාරික ප්‍රජාව සහ රාජ්‍ය අංශය අතර පවතින දුරස්ථභාවය මග හරවමින් රාජ්‍ය හා පෞද්ගලික දෙඅංශය අතර යහපත් සබඳතාවයක් පවත්වා ගෙන යාමට අවශ්‍ය පහසුකම් සැලසීම මෙම සංසදය පැවත්වීමේ පරමාර්ථය වේ. ව්‍යාපාරික ප්‍රජාවට සිය ගැටලු රාජ්‍ය අංශයේ ප්‍රධාන ආයතනවල ඉහළ කළමනාකාරීත්වය සමඟ මුහුණට මුහුණලා සාකච්ඡා කර විසඳා ගැනීමට මෙමඟින් ඉඩ සැලසේ. මෙම සංසදය අවශ්‍යතාව පරිදි අවම වශයෙන් මසකට වරක්වත් පැවත්වීම පිණිස මුදල් අමාත්‍ය රවි කරුණානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.