• Increase font size
  • Default font size
  • Decrease font size

2015-06-24 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
තේ කර්මාන්තශාලා සඳහා කාරක ප්‍රාග්ධන ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම -

- ලෝක වෙළඳ පොළෙහි පවතින ගැටලුකාරි තත්ත්වයන් හේතුවෙන් තේ මිල පහළ යෑම නිසා තේ කර්මාන්තශාලා හිමියන් මූල්‍යමය අර්බුදකාරි තත්ත්වයකට පත් වී සිටින බැවින් කර්මාන්තශාලා පවත්වාගෙන යාම පිණිස අවශ්‍ය කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. ඒ අනුව, සියලුම තේ කර්මාන්තශාලා හිමියන් සඳහා මෙම ණය යෝජනා ක්‍රමය රාජ්‍ය සහ වාණිජ බැංකු හරහා ක්‍රියාත්මක කිරීමටත් එම ණය මුදල් වෙනුවෙන් 2% ක වාර්ෂික පොලී සහනාධාරයක් මහා භාණ්ඩාගාරය විසින් වසර දෙකක (02) කාලයක් සඳහා අදාළ මුල්‍ය ආයතන වෙත ලබා දීමටත් වැවිලි කර්මාන්ත අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.