• Increase font size
  • Default font size
  • Decrease font size

2015-06-24 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කුඩා රබර් වතු හිමියන් විසින් නිෂ්පාදනය කරනු ලබන ස්වාභාවික අමු රබර් සඳහා සහතික මිල ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා නව ක්‍රමවේදයක් හඳුන්වාදීම

- මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී හඳුනාගත් අඩුපාඩු හා ප්‍රමාදයන් සැලකිල්ලට ගෙන කුඩා රබර් වතු හිමියන් විසින් රබර් අලෙවි කරන අවස්ථාවේදීම සහතික මිල ඔවුන් වෙත ලැබෙන පරිදි ලියාපදිංචි රබර් වෙළඳුන් මගින් සහතික මිල ක්‍රමය ක්‍රියාත්මක කිරීමටත්, මෙම වැඩසටහන මෙම වර්ෂයේ සැප්තැම්බර් මාසය අවසානය දක්වා ක්‍රියාත්මක කිරීම පිණිස අවශ්‍ය රුපියල් මිලියන 2,063 ක මුදලක් භාණ්ඩාගාරයෙන් ලබා ගැනීම පිණිසත් වැවිලි කර්මාන්ත අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.