• Increase font size
  • Default font size
  • Decrease font size

2015-06-24 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දිස්ත්‍රික් ලේකම්/දිසාපතිවරුන් කොළඹට කැඳවීම සීමා කිරීම

- විවිධ අමාත්‍යාංශ මගින් සම්මන්ත්‍රණ සහ සාකච්ඡා සඳහා දිස්ත්‍රික් ලේකම්/දිසාපතිවරුන් නිරන්තරයෙන් කොළඹට කැඳවීම දිස්ත්‍රික්ක තුළ රාජකාරි කටයුතු ඉටු කිරීමට බාධාවක් වී ඇත. එබැවින් මාසයකට දින දෙකක සමුළුවක් කොළඹදී පැවැත්වීමටත් සියලු අමාත්‍යාංශවලට අදාළ කරුණු සාකච්ඡා කිරීම පිණිස එහිදී කාල වේලාව වෙන් කිරීම මගින් දිස්ත්‍රික් ලේකම්/දිසාපතිවරුන් කොළඹට කැඳවීම සීමා කිරීම සඳහා ස්වදේශ කටයුතු අමාත්‍ය ජෝශප් මයිකල් පෙරේරා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.