• Increase font size
  • Default font size
  • Decrease font size

2015-06-17 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සීමාසහිත ගෝල්ඩන් කී ක්‍රෙඩිට් කාඩ් සමාගමේ ආරක්ෂක තැන්පතු පවත්වාගෙන ගිය තැන්පත්කරුවන් සඳහා ‍ආයෝජනය කළ මුදල් නැවත ගෙවීමේ ක්‍රමවේදය

- 2015 අතුරු අයවැය මඟින් බැංකු නොවන අක්‍රීය මූල්‍ය ආයතනවල තැන්පත්කරුවන්ට සහන සැලසීමට යෝජනා කර තිබූ අතර, එම කරුණ සම්බන්ධයෙන් සාකච්ඡා කිහිපයක් අදාළ පාර්ශ්වයන්ගේ සහභාගිත්වය ඇතිව මුදල් අමාත්‍යතුමා විසින් පවත්වනු ලැබ ඇත. ඒ අනුව, මුදල් අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව මත පදනම්ව සීමාසහිත ගෝල්ඩන් කී ක්‍රෙඩිට් කාඩ් සමාගමේ රුපියල් මිලියන 2ක් දක්වා ආරක්ෂක තැන්පතු පවත්වාගෙන ගිය තැන්පත්කරුවන් සඳහා මාසයක් ඇතුළත ගෙවීම් සිදු කිරීමටත්, ඉන් අනතුරුව, ගෙවීමට ඇති වැඩිදුර මුදල් ගෙවීම පිණිස ගෝල්ඩන් කී ක්‍රෙඩිට් කාඩ් සමාගමේ වත්කම් මුදල් බවට පත් කිරීමටත්, අරමුදල් ලබා දීම සඳහා මහා භාණ්ඩාගාරය සමඟ එක්ව විධිවිධාන යෙදීමටත් ප්‍රතිපත්ති සම්පාදන, ආර්ථික කටයුතු, ළමා, තරුණ හා සංස්කෘතික කටයුතු අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.