• Increase font size
  • Default font size
  • Decrease font size

2015-06-17 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය

- ඉහත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පවත්නා ගැටලු සහ ව්‍යාපෘතියේ ක්‍රියාකාරකම්වල ප්‍රගතිය පිළිබඳ වාර්තා කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද අමාත්‍යාංශ ලේකම්වරුන්ගෙන් සමන්විත ජ්‍යෙෂ්ඨ නිලධාරි කමිටුව විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශ හා ඒ සම්බන්ධයෙන් වූ ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවේ නිර්දේශ පරිදි, අදාළ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් වන කටයුතු නාගරික සංවර්ධන අධිකාරිය වෙත පැවරීමටත්, අදාළ ආයතනවල සහයෝගයෙන් පූර්ණ පාරිසරික බලපෑම් තක්සේරුවක් වහාම ආරම්භ කරන ලෙස මධ්‍යම පරිසර අධිකාරියට උපදෙස් දීම පිණිසත්, එම කාර්යය නිම කිරීමෙන් පසුව, අදාළ ව්‍යාපෘති‍යේ කටයුතු නැවත ආරම්භ කිරීම පිළිබඳව සලකා බැලීම පිණිසත්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.