• Increase font size
  • Default font size
  • Decrease font size

2015-06-17 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රණවිරුවන් සඳහා විශේෂ වරප්‍රසාද කාඩ්පතක් හඳුන්වාදීමේ වැඩසටහන

- ශ්‍රී ලංකාවේ සාමය ගොඩනැගීම වෙනුවෙන් ක්‍රියාන්විත සේවයේ යෙදී සිට දිවිපිදූ, අතුරුදහන් වූ සහ ආබාධිත වූ ත්‍රිවිධ හමුදාවේ, පොලීසියේ සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ රණවිරුවන් සහ ඔවුන්ගේ යැපෙන්නන් හඳුනාගැනීමට සහ ඔවුන්ට විවිධ ප්‍රතිලාභ ලබාදීමේ අරමුණින් "රණවිරු විශේෂ කාඩ්පතක්" සහ "ලාංඡනයක්" හඳුන්වාදීමට තීරණය කර ඇත. මෙම වැ‍ඩසටහන මඟින් රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ආයතන 50 කින් පමණ විවිධ සේවාවන් පහසුවෙන් ලබා ගැනීමේ අවස්ථාව රණවිරුවන්ට හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට හිමිවනු ඇත. ඒ යටතේ සේවාවන් සපයා ගැනීමේදී පිළි ගැනීම, ප්‍රමුඛතාව, වට්ටම්, සහනදායී ගෙවීම් ක්‍රම, පොලී රහිත ණය පහසුකම්, රක්ෂණ පහසුකම්, ප්‍රවාහන සේවා, සෞඛ්‍ය සේවා, විනෝදාත්මක අවශ්‍යතා සහ ශිෂ්‍යත්ව වැනි විශේෂ ප්‍රතිලාභ ලබා ගැනීමට ඔවුහු හිමිකම් ලබති. ආරක්ෂක අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ ‍ඉහත සඳහන් තොරතුරු අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී.