• Increase font size
  • Default font size
  • Decrease font size

2015-06-17 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ (SLPA) නැ‍ඟෙනහිර බහලු පර්යන්තය සඳහා බහලු මෙහෙයුම් දොඹකර ප්‍රසම්පාදනය

- ශ්‍රී ලංකා වරාය අධිකාරිය මීටර 1,200 ක් දිගැති නැ‍ඟෙනහිර බහලු පර්යන්තයේ පළමු මීටර් 400 ඉදි කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 80 ක් ආයෝජනය කර ඇති අතර, මේ වන විට එහි ඉදි කිරීම් කටයුතු නිම වෙමින් පවතී. මෙම බහලු පර්යන්තය සඳහා අවශ්‍ය කරනු ලබන බහලු මෙහෙයුම් දොඹකර 04 ක් හා ගැන්ට්‍රි දොඹකර 12 ක් රජයේ අනුමත ප්‍රසම්පාදන ක්‍රියාමාර්ග අනුගමනය කරමින්, ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවීමේ ක්‍රමය අනුව ප්‍රසම්පාදනය කිරීම පිණිස වරාය හා නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.