• Increase font size
  • Default font size
  • Decrease font size

2015-06-17 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
චීන සංවර්ධන බැංකුව විසින් අරමුදල් සපයනු ලබන ප්‍රමුඛතා මාර්ග ව්‍යාපෘතිය (3 අදියර II)

- මෙම ව්‍යාපෘතිය සඳහා චීන සංවර්ධන බැංකුව විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 100 ක ණය මුදලක් ලබා දෙනු ලබන අතර, ඒ යටතේ තංගල්ල - වීරකැටිය මාර්ගය සහ වීරකැටිය - මිද්දෙණිය මාර්ගය දැනටමත් සංවර්ධනය කරගෙන යනු ලබයි. මෙම ව්‍යාපෘතිය යටතේ සංවර්ධනය කිරීම පිණිස මුළින් හඳුනාගෙන තිබූ මාර්ග 08 ක් වෙනුවට වඩා ප්‍රමුඛතාව ලබා දිය යුතු මාර්ග හඳුනාගෙන සංවර්ධනය කිරීම පිණිස මහාමාර්ග හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය කබිර් හෂිම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.