• Increase font size
  • Default font size
  • Decrease font size

2015-06-17 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අරාබි ආර්ථික සංවර්ධනය සඳහා වන කුවේට් අරමුදල (KFAED) විසින් අරමුදල් සපයනු ලබන පාලම් 25 ක් නැවත ඉදි කිරීම සඳහා උපදේශක සේවා සැපයීම

- අරාබි ආර්ථික සංවර්ධනය සඳහා වන කුවේට් අරමුදල (KFAED) විසින් පාලම් 25 ක් නැවත ඉදි කිරීම සඳහා අරමුදල් සපයනු ලබයි. මෙම ව්‍යාපෘතිය යටතේ වන ඉදි කිරීම් අධීක්ෂණය සඳහා උපදේශක සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුව උපදේශක ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ප්‍රදානය කිරීම පිණිස මහාමාර්ග හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය කබිර් හෂිම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.