• Increase font size
  • Default font size
  • Decrease font size

2015-06-17 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
හොරණ බස් නැවතුම්පළ සංවර්ධන ව්‍යාපෘතිය අදියර - II ක්‍රියාත්මක කිරීම

- හොරණ නගරය කළුතර දිස්ත්‍රික්කය තුළ ප්‍රධාන සේවා මධ්‍යස්ථානයක් වන අතර ප්‍රාදේශීය මාර්ග ජාලය මඟින් එය කොළඹ හා රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රධාන නගර සමඟ සම්බන්ධ වී ඇත. හොරණ නගරයේ බස් නැවතුම්පළ ඉදි කිරීමේ දෙවන අදියරේ කොන්ත්‍රාත්තුව ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව වෙත පැවරීම පිණිස නාගරික සංවර්ධන, ජලසම්පාදන හා ජලාපවහන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.