• Increase font size
  • Default font size
  • Decrease font size

2015-06-17 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වීරකැටිය ජෝර්ජ් රාජපක්ෂ ක්‍රීඩාංගණයේ ක්‍රීඩාගාරය ඉදි කිරීම

- කුඩා හා මධ්‍යම පරිමාණ නගර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ නාගරික සංවර්ධන අධිකාරිය විසින් 2014 වර්ෂයේදී වීරකැටිය නගරය සංවර්ධනය කිරීම සඳහා හඳුනාගෙන ඇත. එම නගර මධ්‍යයේ පිහිටි ඉහත ක්‍රීඩාංගණයේ ක්‍රීඩාගාරය ඉදි කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට ප්‍රදානය කිරීම පිණිස නාගරික සංවර්ධන, ජලසම්පාදන හා ජලාපවහන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.