• Increase font size
  • Default font size
  • Decrease font size

2015-06-17 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මුදල් කොමිෂන් සභාව සඳහා නව කාර්යාල ගොඩනැඟිල්ලක් ඉදි කිරීම

- 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ස්වාධීන කොමිෂන් සභාවක් ලෙස බලගන්වනු ලැබූ මුදල් කොමිෂන් සභාව ජාතික ප්‍රතිපත්තිය සහ පළාත්වල සංවර්ධන ක්‍රියාකාරකම් සම්බන්ධිකරණය කරනු ලබන අතර, එමඟින් සමස්ත පළාත් සභා පද්ධතිය අධීක්ෂණය හා නියාමනය කිරීමද සිදු කෙරේ. මුදල් කොමිෂන් සභාව සඳහා අලුතින් ගොඩනැඟිල්ලක් එම කොමිෂන් සභාව සතු රාජගිරිය සරණ මාවතේ අංක 03 දරන ස්ථානයේ පිහිටි පර්චස් 60 ක භූමිභාගය තුළ ඉදි කිරීමටත් ඒ හා බැඳුණු කටයුතු කරගෙන යාම පිණිසත් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.