• Increase font size
  • Default font size
  • Decrease font size

2015-06-17 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පළාත් පාලන ආයතන නියෝජිතයින් සඳහා ආචාර ධර්ම පද්ධතියක් හඳුන්වා දීම

- මෙරට මහ නගර සභා 23 ක්ද, නගර සභා 41 ක්ද, ප්‍රාදේශීය සභා 271 ක්ද වශයෙන් පළාත් පාලන ආයතන 335ක් ක්‍රියාත්මකව පවතින අතර, එම පළාත් පාලන ආයතන සඳහා මන්ත්‍රීවරු හා සභිකයින් 4,486ක් මහජන ඡන්දයෙන් තෝරා පත් කර ගනු ලබයි. මෑත කාලසීමාව තුළ සිදු කරන ලද විමසීම් අනුව පළාත් පාලන ආයතනවල මහජන නියෝජිතයින්ගෙන් 104 දෙනෙකුට එරෙහිව විවිධ වැරදි හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම හෝ චෝදනා පත්‍ර ඉදිරිපත් කිරීම හෝ අධිකරණමය ක්‍රියාමාර්ග ගැනීම සිදු වෙමින් පවතී. ජනතා සේවයට කැපවූ, මහජනතාවට සමීප වෙමින් යහපාලන ප්‍රතිපත්තිය ක්‍රියාවට නංවන, වැරදි හා දූෂණවලින් තොර ආදර්ශවත් මහජන නියෝජිතයින් පිරිසක් බිහි කරගැනීමේ අරමුණ ඇතිව පළාත් පාලන ආයතනවලට තේරී පත්වී සිටින හා තේරී පත් වන මහජන නියෝජිතයින්ට ආචාර ධර්ම පද්ධතියක් හඳුන්වා දීමටත් පළාත් සභාවල අදහස් ලබාගැනීමෙන් අනතුරුව එය ක්‍රියාත්මක කිරීමටත් රාජ්‍ය පරිපාලන, පළාත් පාලන හා ප්‍රජාතාන්ත්‍රීය පාලනය පිළිබඳ අමාත්‍ය කරු ජයසූරිය මැතිතුමා සහ පළාත් සභා හා ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.