• Increase font size
  • Default font size
  • Decrease font size

2015-06-17 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
විද්‍යාඥයන් හුවමාරු කරගැනීමේ සහ ඒකාබද්ධ ජෛව තාක්ෂණ විද්‍යාගාරයක් ස්ථාපනය කිරීමේ වැඩසටහන අදාළ සහයෝගිතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම්

- ඉහත විද්‍යාඥයන් හුවමාරු කරගැනීමේ වැඩසටහන සඳහා වන අවබෝධතා ගිවිසුමේ අරමුණ වනුයේ දෙරටේ විද්‍යාඥයන් හා පර්යේෂකයන් අතර සන්නිවේදන මාර්ග පුළුල් කිරීම, අන්‍යොන්‍ය අවබෝධය හා මිත්‍රත්වය වර්ධනය කිරීමයි. එසේම ඒකාබද්ධ ජෛව තාක්ෂණ විද්‍යාගාරයක් ස්ථාපනය කිරීමට අදාළ අවබෝධතා ගිවිසුමේ අරමුණ වනුයේ උසස් තාක්ෂණික පර්යේෂණ ඒකාබද්ධව සිදු කිරීම, තාක්ෂණ පැවරුම් උනන්දු කරවීම, විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයන්හි ධාරිතාව වර්ධනය කිරීම ආදිය වේ. ඉහත අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීම පිණිස උසස් අධ්‍යාපන හා පර්යේෂණ අමාත්‍ය (ආචාර්ය) සරත් අමුණුගම මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.