• Increase font size
  • Default font size
  • Decrease font size

2015-06-17 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දියර කිරි ලීටරයක ගැනුම් මිල රු. 60.00 සිට රු. 70.00 දක්වා ඉහළ නැංවීම

- 2015 අතුරු අයවැය මඟින් දියර කිරි ලීටරයක ගැනුම් මිල රු. 60/- සිට රු. 70/- දක්වා ඉහළ නැංවීමට යෝජනා කෙරිණි. ඒ අනුව, අදාළ පාර්ශ්වයන්ගේ අදහස් ලබා ගෙන ඔවුන්ගේ එකඟතාව ඇතිව කිරිවල‍ මේද ප්‍රතිශතය, මේද නොවන ඝන ද්‍රව්‍ය ප්‍රමාණය සහ සම්පූර්ණ ඝන ද්‍රව්‍ය ප්‍රතිශතය යන සාධක මත පදනම්ව සකස් කළ මිල සූත්‍රය ක්‍රියාත්මක කිරීම පිණිස සමාජ සේවා, සුබසාධන හා පශු සම්පත් සංවර්ධන අමාත්‍ය පී.හැරිසන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.