• Increase font size
  • Default font size
  • Decrease font size

2015-06-17 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සීමාසහිත වේරහැර ඉංජිනියරින් සර්විසස් සමාගම (වෙස්කෝ) සහ සීමාසහිත කහගොල්ල ඉංජිනියරින් සර්විසස් සමාගම (කෙස්කෝ) යන ආයතනවල රැකියා අහිමි වූ සේවකයින්ට සහන සැලසීම

- 2001 වර්ෂයේදී ඉහත ආයතන වසා දැමීම හේතුවෙන් රැකියා විරහිත වූ සේවකයින්ගෙන් කොටසක් අනියම් පදනම මත ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සේව‍යට බඳවාගෙන ඇත. එම සේවකයින් අතරින් කොටසකගේ පමණක් සේවය ස්ථිර කර ඇති නමුත්, තවත් කොටසකගේ සේවය ස්ථිර කර නොමැත. එලෙස සේවය ස්ථිර කර නොමැති සේවකයින්ගේ සේවය ස්ථිර කිරීමටත් ඔවුන්ට අදාළ අනෙකුත් හිමිකම් ලබාදීමටත් අභ්‍යන්තර ප්‍රවාහන අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.