• Increase font size
  • Default font size
  • Decrease font size

2015-06-17 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
‘වෙළඳාම ආශ්‍රිත බුද්ධිමය දේපළ හිමිකම් පිළිබඳ ලෝක වෙළඳ සංවිධාන ගිවිසුම’ සංශෝධනය කිරීම සඳහා වන ගිවිසුම් කෙටුම්පත ක්‍රියාත්මක කිරීම

- ලෝක වෙළඳ සංවිධානයේ සාමාජික රටවල් විසින් එකඟවී ඇති වෙළඳාම ආශ්‍රිත බුද්ධිමය දේපළ හිමිකම් ගිවිසුම යටතේ ඖෂධ නිපදවීම හා භාවිතය සම්බන්ධයෙන් පවතින යම් යම් සීමාවන් ලිහිල් කිරීම පිණිස එකී ගිවිසුම සංශෝධනය කිරීමට ලෝක වෙළඳ සංවිධානය විසින් තීරණය කර ඇත. යෝජිත සංශෝධිත ගිවිසුම ක්‍රියාත්මක කිරීම මඟින් මහජන සෞඛ්‍යයට හානිදායක බරපතල වසංගත, ස්වාභාවික ආපදා හෝ එවැනි හදිසි අවස්ථාවන්හිදී ලොව පුරා සිටින කවර හෝ තරගකාරී සැපයුම්කරුවකුගෙන් පේටන්ට්ගත, මිල අධික ඖෂධ වර්ගීය නාමයෙන් ලබාගැනීමට හැකියාව ලැබෙන අතර, එය ඖෂධ නිෂ්පාදනය සඳහා සීමිත ශක්‍යතාවක් සහිත රටක් වන ශ්‍රී ලංකාවට බෙහෙවින් ප්‍රයෝජනවත් වේ. ඒ අනුව, අදාළ සංශෝධිත ගිවිසුම් කෙටුම්පත අපරානුමත කිරීම පිණිස කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.