• Increase font size
  • Default font size
  • Decrease font size

2015-06-17 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාතික ක්‍රීඩා උළෙල - 2016

- මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රයේ පවතින දක්ෂතා හඳුනාගැනීමත්, එම දක්ෂතා වැඩිදියුණු කිරීමත් අරමුණු කර ගෙන ජාතික ක්‍රීඩා උළෙල වාර්ෂිකව පවත්වනු ලැබේ. 41 වන වරට පැවැත්වෙන මෙවර ජාතික ක්‍රීඩා උළෙල සඳහා මේ වන විටත් කටයුතු සූදානම් කෙරෙමින් පවතින අතර, අවසාන තරග ඉසව් සහිත ක්‍රීඩා උළෙල 2015 අවසන් භාගය තුළ බදුල්ල නගරයේදී පැවැත්වෙනු ඇත. සියලු ශ්‍රී ලාංකිකයන්ගේ සහභාගිත්වය මෙන්ම ග්‍රාමිය ප්‍රජාව ප්‍රධාන සමාජ ප්‍රවාහයට එක් කරගැනීම සහතික කරමින් 2016 ජාතික ක්‍රීඩා උළෙල උතුරු පළාතේ යාපනය සහ කිලිනොච්චිය දිස්ත්‍රික්කවල පැවැත්වීමටත් එම කටයුතු සංවිධානය කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගෙන් සමන්විත මෙහෙයුම් කමිටුවක් පත් කිරීමටත් සංචාරක හා ක්‍රීඩා අමාත්‍ය නවින් දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.