• Increase font size
  • Default font size
  • Decrease font size

2015-06-17 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාතික බලශක්ති සංරක්ෂණය හා කාර්යක්ෂම භාවිතය පිළිබඳ වැඩසටහන - රජයේ ආයතන සඳහා අනුගමනය කළ යුතු බලශක්ති සංරක්ෂණ ක්‍රමවේද

- විදුලිබල ජනනය සඳහා අවශ්‍ය ඛනිජ තෙල් මෙරටට ආනයනය කිරීම සඳහා ජාතික අපනයන ආදායමෙන් දළ වශයෙන් 30%ක් පමණ සෑම වසරකදීම වැය කිරීමට ශ්‍රී ලංකාවට සිදු වේ. එසේම මහජනතාව වෙත සපයනු ලබන විදුලියෙන් 25%ක පමණ ප්‍රමාණයක් අකාර්යක්ෂම භාවිතය නිසා අපතේ යන බව අධ්‍යයනයන් මඟින් හෙළි වී තිබේ. එබැවින්, බලශක්තිය සංරක්ෂණය හා කාර්යක්ෂමව භාවිත කිරීම ඉතා වැදගත් වේ. ඒ අනුව, ජාතික බලශක්ති සංරක්ෂණය හා කාර්යක්ෂම භාවිතය පිළිබඳ වැඩසටහන හඳුන්වා දෙනු ලැබිණි. එම වැඩසටහනේ මුල් පියවරක් ලෙස රජයේ ආයතනවල බලශක්ති සංරක්ෂණය හා කාර්යක්ෂම භාවිතය ප්‍රවර්ධනය කිරීමට සහ රජයේ කාර්යාලවල සේවක සමූහයන් මෙම වැඩසටහන සමඟ සම්බන්ධ කරගනිමින් සෑම ආයතනයකම විදුලිය හා ඉන්ධන භාවිතය 10% කින් අඩු කරගැනීමේ අරමුණින් සියලුම රජයේ ආයතනවලට උපදෙස් ලබාදීම පිණිස විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.