• Increase font size
  • Default font size
  • Decrease font size

2015-06-17 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කොළඹ වරාය සිට කොළොන්නාව තොග ගබඩා පර්යන්තය දක්වා තෙල් නළ එලීමේ ව්‍යාපෘතිය (Cross Country Pipeline Project)

- වසර 40 සිට 70 දක්වා කාලයක් පැරණි, දැනට ඉතා අබලන් තත්ත්වයේ පවතින, කොළඹ වරායේ සිට කොළොන්නාව තෙල් ගබඩා පර්යන්තය වෙත ඉන්ධන ගෙන යනු ලබන නළ පද්ධතිය ඉදි කිරීම සඳහා හා ඊට අවශ්‍ය යටිතල පහසුකම් සම්බන්ධව සමස්ත අධ්‍යයනයක් සිදු කිරීම පිණිස ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමට නියම කිරීමටත්, එම අධ්‍යයනයට අනුව මෙම තෙල් නළ පද්ධතිය ඉදි කිරීමට සහ අදාළ ඉදි කිරීම් සඳහා සුදුසු කොන්ත්‍රාත්කරුවකු තෝරාගැනීම වෙනුවෙන් විවෘත ජාත්‍යන්තර ලංසු කැඳවීම සඳහාත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.