• Increase font size
  • Default font size
  • Decrease font size

2015-06-17 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
විවිධ නාගරික සංවර්ධන ව්‍යාපෘතීන් සඳහා අවශ්‍ය ඉඩම් අත් කර ගැනීමේදී අවතැන් වූ පවුල් වෙත ලබා දී ඇති විකල්ප ඉඩම් කොටස් ඒවායේ පදිංචිකරුවන්ට විකිණීම

- නාගරික සංවර්ධන අධිකාරිය විසින් 1980-1990 කාලය තුළ ක්‍රියාත්මක කරන ලද විවිධ සංවර්ධන ව්‍යාපෘති සඳහා ඉඩම් අත්පත් කර ගැනීමේදී එකී ඉඩම්වල පදිංචිව සිට නිවාස අහිමි වූ අඩු හා මධ්‍යම පාන්තික ආදායම්ලාභී පවුල් වෙත විකල්ප නිවාස හෝ නිවාස ඉදි කර ගැනීම සඳහා විකල්ප බිම් කොටස් මාසික කුලී පදනමට/මාසික බිම් කුලියට ලබාදී ඇත. එම ඉඩම්වල පදිංචිකරුවන්ගේ ඉල්ලීම මත, ඔවුන්ට ඉඩම් ලබාදෙන අවස්ථාවේදී පැවති තක්සේරු කරන ලද වෙළඳ වටිනාකම පදනම් කරගෙන රත්නපුර, පෑලියගොඩ, බත්තරමුල්ල, රත්මලාන සහ මාදිවෙල නිවාස සංකීර්ණවල අදාළ බිම් කොටස්වල පදිංචිකරුවන් වෙත අදාළ ඉඩම්වල අයිතිය පැවරීම පිණිස නාගරික සංවර්ධන, ජලසම්පාදන හා ජලාපවහන අමාත්‍ය රාවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.