• Increase font size
  • Default font size
  • Decrease font size

2015-06-17 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2015 වර්ෂයේ රජයේ වී මිල දී ගැනීමේ වැඩසටහන

- 2014/2015 මහ කන්නය තුළ රජය විසින් වී මිල දී ගැනීම පිණිස ක්‍රියාත්මක කරන ලද වැඩසටහනේ ප්‍රගතිය ආහාර සුරක්ෂිතතාව අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මැතිතුමා සහ මුදල් අමාත්‍ය රවී කරුණානායක මැතිතුමා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලදී. ඒ අනුව, වී මෙට්‍රික් ටොන් 160,301.8 ක් මිල දී ගෙන ඇති අතර, එය රජයේ මැදිහත් වීම මත එක් කන්නයක් තුළ මිල දී ගෙන ඇති වැඩිම වී තොගය වේ. ඉදිරි මහ කන්නයේ වී මිල දී ගැනීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට හැකි වනු පිණිස දැනට ගබඩාවල රැස්කර ඇති වී තොගය විවෘත ටෙන්ඩර් ක්‍රියාපටිපාටිය අනුගමනය කරමින් විකිණීමටත්, මහ කන්නයේ වී අස්වනු මිලට ගැනීම පිණිස වඩාත් විධිමත් ක්‍රමවේදයක් සකස් කර ක්‍රියාත්මක කිරීමටත්, අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දෙන ලදී.