• Increase font size
  • Default font size
  • Decrease font size

2015-06-17 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2003 අංක 27 දරන තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ පනත යටතේ අන්තර් අමාත්‍යාංශ කමිටුව ස්ථාපනය කිරීම -

- මෑත කාලයේදී ශ්‍රී ලංකාව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයේ ශීඝ්‍ර දියුණුවක් ලබා ඇති අතර, ලෝක ආර්ථික සංසදය මඟින් ප්‍රකාශයට පත් කරන ලද 2015 වර්ෂයේ ගෝලීය තොරතුරු තාක්ෂණ වාර්තාව අනුව රටවල් 143 ක් අතුරෙන් "සූදානම පිළිබඳ ජාලගත දර්ශකයෙහි" (Networked Readiness Index) 65 වන ස්ථානයටද, දකුණු ආසියාවේ රටවල් අතු‍රින් පළවෙනි ස්ථානයටද පත්වී තිබේ. මෙම තත්ත්වය තවදුරටත් වර්ධනය කර ගැනීමට සහ ආයෝජකයන්ට වඩාත් හිතකර පරිසරයක් රට තුළ නිර්මාණය කිරීම පිණිස තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයේ ක්‍රමෝපායන් නිසි පරිදි ක්‍රියාත්මක වන බව තහවුරු කරගැනීමටත් රජයේ නියෝජිත ආයතන අතර ඉහළ සම්බන්ධීකරණයක් පවත්වා ගැනීමටත් ඉහත පනතේ 3 වන වගන්තිය යටතේ දැනට පත් කර ඇති අන්තර් අමාත්‍යාංශ කමිටුව අදාළ අමාත්‍යවරුන් සහ ක්ෂේත්‍රයේ උනන්දුවක් දක්වන අනෙකුත් පාර්ශ්වයන්ගේ නියෝජනයන්ද සහිතව තවදුරටත් පුළුල් කිරීම පිණිස විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.