• Increase font size
  • Default font size
  • Decrease font size

2015-06-17 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2015 මුදල් වර්ෂය සඳහා වන මුදල් කොමිෂන් සභාවේ නිර්දේශ

- පළාත්වල අවශ්‍යතා සපුරා ලීමේ කාර්යය සඳහා රජය විසින් වෙන් කරනු ලබන අරමුදල් පළාත් අතර බෙදා වෙන් කර දීමේදී අනුගමනය කළ යුතු ප්‍රතිපත්ති ජනාධිපතිවරයා වෙත නිර්දේශ කිරීම මුදල් කොමිෂන් සභාව වෙත පැවරී ඇත. ඒ අනුව, ඉදිරිපත් කරනු ලැබූ, මුදල් කොමිෂන් සභාවේ 2015 මුදල් වර්ෂය සඳහා වූ නිර්දේශ ක්‍රියාත්මක කිරීමටත් එම නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා පියවර ගනු ලබන බව දැනුම් දෙමින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන පරිදි එකී නිර්දේශ පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම සඳහාත් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.