• Increase font size
  • Default font size
  • Decrease font size

2015-06-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ගාල්ල නව මාතෘ රෝහල ඉදි කිරීමේ ව්‍යාපෘතිය

- 2004 වර්ෂයේ සිදු වූ සුනාමි උවදුරෙන් පසු ජර්මනියේ හෙල්මුට් කෝල් පදනම විසින් ශ්‍රී ලංකාවේ ගාල්ල නගරය ආශ්‍රිතව නව මාතෘ රෝහලක් ඉදි කිරීමේ ඉහත ව්‍යාපෘතිය ආරම්භ කළ අතර විවිධ හේතු නිසා 2008 වර්ෂයේ සිට එහි ඉදි කිරීම් කටයුතු නවතා දමා ඇත. සුනාමි උවදුරින් පීඩාවට පත් වූ එම ප්‍රදේශයේ වෙසෙන ජනතාව වෙත මෙම මාතෘ රෝහලේ සේවාවන් අප්‍රමාදව ලබා දීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගෙන, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ඉහත ව්‍යාපෘතියේ ඉතිරි වැඩ කොටසට අදාළ කොන්ත්‍රාත්තුව සාරානුකූල ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු වෙත ප්‍රදානය කිරීම පිණිස ‍සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.