• Increase font size
  • Default font size
  • Decrease font size

2015-06-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාවේ සහභාගීත්ව නිවාස සංවර්ධනය සංකේතවත් කරන ‘ජාතික නිවාස දිනය’ ප්‍රකාශයට පත් කිරීම

- ශ්‍රී ලංකාවේ සෑම පුරවැසියෙකුටම නිවසක් හිමි කර දීමේ රාජ්‍ය ප්‍රතිපත්තිය සාර්ථක කරගැනීම උදෙසා වර්තමානයේ ක්‍රියාත්මක කෙරෙන ජාතික නිවාස සංවර්ධන වැඩසටහන වඩාත් ඵලදායී අයුරින් ක්‍රියාත්මක කිරීමට හා ඒ සඳහා වැඩි ජන සහභාගිත්වයක් ලබාගැනීමේ අපේක්ෂාවෙන්, මෙරට සහභාගිත්ව නිවාස සංවර්ධන වැඩසටහන මුලින්ම ආරම්භ වුණු දිනය වන ජුනි මස 23 වන දින 2015 වසරේ සිට ‘ජාතික නිවාස දිනය’ ලෙස ප්‍රකාශයට පත් කිරීමටත්, එම දිනයට සමගාමීව ජුනි මස 23 දිනෙන් ඇරඹෙන ඉදිරි සතිය ‘නිවාස සතිය’ ලෙස ප්‍රකාශයට පත් කිරීමටත්, එම සතිය තුළ නිවාස ඉදි කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහාත් නිවාස හා සමෘද්ධි අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.