• Increase font size
  • Default font size
  • Decrease font size

2015-06-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වැන්දඹුවන් හා ගෘහමූලික කාන්තාවන් සවිබල ගැන්වීම

- කාන්තා ජනගහනය ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 51% ක් ඉක්ම වන අතර ඒ අතුරින් සැලකිය යුතු පිරිසක් පසුගිය කාලයේ පැවති ගැටුම් හේතුවෙන් වැන්දඹුවන් බවට පත් වී ඇති ඔවුන් ගෘහමූලික කාන්තාවන් බවටද පත් වී ඇත. එම කාන්තාවන් ආර්ථික හා සමාජීය වශයෙන් සවිබල ගැන්වීම සඳහා කඩිනම් වැඩසටහනක් ඔවුන් බහුල වශයෙන් ව්‍යාප්තව සිටින යාපනය, කිලිනොච්චිය, මන්නාරම, වව්නියාව, මුලතිව්, අම්පාර, ත්‍රිකුණාමලය, මඩකළපුව, අනුරාධපුරය හා පොළොන්නරුව යන දිස්ත්‍රික්ක ආවරණය කරමින් ක්‍රියාත්මක කිරීම පිණිස කාන්තා කටයුතු අමාත්‍ය කේ.ඩී.එම්.චන්ද්‍රානි බණ්ඩාර මැතිතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.