• Increase font size
  • Default font size
  • Decrease font size

2015-06-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සඳහා සිව්මහල් නව ගොඩනැඟිල්ලක් ඉදි කිරීම

- උතුරුමැද පළාතට අයත් පොළොන්නරුව දිස්ත්‍රික්කය වර්ග කිලෝමීටර 3337.9 ක විශාලත්වයකින් යුතු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 07 කින් හා ග්‍රාම නිලධාරි වසම් 295 කින් සමන්විත වේ. දැනට පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පවත්වාගෙන යනු ලබන ගොඩනැඟිල්ල වසර 53 ක් පමණ පැරණි අතර, එම කාර්යාල සංකීර්ණය තුළ වෙනත් දෙපාර්තමේන්තු හා අමාත්‍යාංශවලට අයත් රාජ්‍ය ආයතන 25 කට වැඩි ප්‍රමාණයක් ස්ථානගත කර ඇත. මෙම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට නව පහසුකම් එක් කරමින් මහජනතාවට වඩාත් කාර්යක්ෂම හා ඵලදායී සේවයක් සැලසීමට හැකි වන පරිදි දිස්ත්‍රික් ලේකම් කාර්යාල සංකීර්ණයක් ඉදි කිරීමටත්, ඊට අදාළ ඉදිරි කටයුතු කරගෙන යාම සඳහාත් ස්වදේශ කටයුතු අමාත්‍ය ජෝශප් මයිකල් පෙරේරා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.